ගොඩපිටිය රජ මහා විහාරය අසල ඉඩමක ගම්වසින් විසින් පල්ලියක් ඉදිකරවා ඉන් පසුව 1840.09.27 වන දින පාසල් ආරම්භ කර ඇත. ක්‍රි.ව.1850 ජූලි මස දී කඹුරුපිටිය පාරෙ පල්ලිය හේන යන ස්ථානයේ දේවස්ථානයක් පිහිටුවා ගැහැණු ළමයින් සඳහා පාසලක් ආරම්භ කරන ලදී. 1921.09.16 ගොඩපිටියට පැමිණි ඩී.ජේ.ජේ.රණතුංග සහ එම මැතිණිය වන එච්.ඩී. එෆ්. අභසුන්දර මැතිනිය එක් ව පළාතේ ජනතාව ද සහභාගි කර ගෙන පොල් අතු සෙවිලි කරන ලද බිම ගොම මැටි ගාන ලද 60*20 සහ 65*15 තාවකාලික ගොඩනැගිලි 02 ක 1921.09.27 වන දින මාර / ගොඩපිටිය මිශ්‍ර පාසල පටන් ගන්නා ලදී.ඉන් පසුව 1921.10.05. දින මෙම මිශ්‍ර පාසල නැවත පිරිමි හා ගැහැණු ලෙස බෞද්ධ පාසල් ආරම්භ කර අතර එහි පිරිමි පාසලේ ප්‍රධාන ආචාර්ය ධූරය වූයේ ඩී .ජේ .ජේ රණතුංග මහතා වන අතර ගැහැණු පාසලේ ප්‍රධාන ආචාර්‍යවරිය වූයේ රණතුංග මහතාගෙ බිරිඳ වන එෆ්.ඩී.එච්. අභසුංදර මැතිනියි. 1928.01.27 දින මෙම ඉඩමේ ස්ථිර ගොඩනැගිලි 02කින් යුත් පාසල මෙම ස්ථානයේ ඉදි කරන ලදී.මෙම ගොඩනැගිලි 02 අදටත් මෙම පාසලෙ ඇත. කන්දක් ලෙස තිබූනු පාසල් ඉඩම හෙල්මැලි ක්‍රමයට සකසා එළවළු වවා ඇත. 1956 නව ගොඩනැගිල්ලට මුල් ගල තබන ලදී. 1969.01.28 දින සිට ගැහැණු ළමුන් සඳහා නිල් පාට ටයි පටියක් මුල් වරට පාසල් නිල ඇඳුමට එක්කරන ලදී.
- 1982.07.06 වන දින මෙම විද්‍යාලයෙ බුදුමැදුරට මුල් ගල තැබුවේ බුදු දහම වෙනුවෙන්ය.
- 1984.01.27 වන දින 100*20 ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදි.
- 1984.12.02 එම ගොඩනැගිල්ල විවෘත කරන ලදී.
- එම වකවානුවෙම පාසල් පාරට තාර දැමීම,ප්‍රධානගේට්ටුව ඉදිකිරීම වැනි දෑ කරන ලදී.
- 2004 වර්ෂයේදී සීනු කුළුණක් සාදා සීනුව සවි කරනු ලදී.
- 1992 වර්ෂයේදී දැනට කාර්යාලය පිහිටි තෙමහල් ගොඩනැගිල්ල සාදා පාසලේ ප්‍රධාන කාර්යාලය එහි ස් ඵථාපිත කරන ලදී.
- 2004 වර්ෂයේදී පහත මාලයේ රැස්වීම් ශලවක් සහිත නව තෙමහල් ශාලව අප පසලට ලැබිණි
- 2010 වර්ෂයේදී මාර /ගොඩපිටිය කනිටු විදුහලේ ප්‍රතම වරට ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක සහ ශිෂ්‍ය නායිකාවන් ලෙස තෝරා ගත් සහෝදර සිසු සිසුවියන් පිරිසක් පත් කරගන්න ලදී