විදුහල්පති පණිවිඩය
මාර /ගොඩපිටිය මහා විද්‍යාලය
පාසල් ජීවිතය තුල විවිධ නායකත්වය භූමිකාවන් හරහා පියවරින් පියවර ඉදිරියට යොමු වන දරු දැරියන් අනාගතයේ දී මාතෘ භූමියෙහි විවිධ නායකත්වයන් දරන නායකයින් වීම සැමගේ ගෞරවයට පත් වන කරුණකි .ඊට මුලික අඩිතාලම යොමු වනුයේ දැනුම ආකල්ප කුසලතා මෙන්ම යහ පුරුදු තුල දරුවන්ගේ ජිවිතය පාසල් මාතාව හරහා ගොඩ නන්වන බැවිනි . ඊට ද හේතු වන කරුණ වන්නේ දරුවන් ලබා ගන්නා අත්දැකීම් අනාගත ලෝකයට මුහුණ දීමට පාසල හරහා ඉටුවන කාර්ය අති මතත්වීමට ය .එය තමා කුඩා ජීවිතයේ සැබෑ පෞරුෂයකට තබන අඩිතලමක් සේ පෙන්වා දීම නිවැරදි යැයි මා විශ්වාස කරමි .
2022 වර්ෂය වන විට අප පාසලට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකියාව ලැබීම අප පාසල ලබා ගත් තවත් ජයග්‍රහණයකි .මේ තුළින් අප පාසල හා සම්බන්ධ සියලු ම දෙනා හට පාසලේ උන්නතියට දායක වීමට මහඟු අවස්ථාවක් උදා වන බව මම දනිමි .
මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට උර දුන් අප පාසලේ සියලු දෙනාට මාගේ හද පිරි ස්තූතිය පිරි නමමි .
විදුහල්පති,
මාර/ගොඩපිටිය මහා විද්‍යාලය